නිදා ගන්න ඇදේ රෙද්ද යටින් සබන් කෑල්ලක් තබන්න - ඉන් සිදු වන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි

අවිවේකී පාද ප‍්‍රදාහය එහෙමත් නැතිනම්  Restless Leg Syndrome සහ රාත‍්‍රී පා මස්පිඩු පෙරළීම, එහෙමත් නැතිනම් Night Leg Cramps කියන රෝග දෙක ගැන ඔබ දන්නවාද? මේ ගැන ගොඩක් දෙනා අහලා නැතිව ඇති නමින් නොදන්නවා වුනාට මේ දෙක ලංකාවේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්වයන්. සමහර වෙලාවට ඉබේම ඇරිලා යන නිසා වැඩි දෙනා මේ ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඒ වුනාට මේවා අපි සැලකිල්ලට ගත යුතු රෝග තත්වයන් ඒ නිසා ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්න අපි තීරණය කළා.


මේක ගොඩක් වෙලාවට රෑට නින්දට ගියාම දැනෙන දෙයක්. නිදා ගන්න ගියාම කකුල් රිදෙනවා වගේ දැනෙන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ වෙහෙස මහන්සියෙන් ඉද්දි නිදා ගන්න හැදුවත් මේක නිසා නින්ද යන්නේ නැහැ. හරි විදිහට ඉතින් හරිම කරදරයක් තමයි. කිසිම දෙයක් නොකර අමාරුවෙන් ඉන්නවට වඩා හොඳයි නේද මේක සුව කර ගන්න විදිහ ගැන හොයල බැලූවොත්? එහෙනම් අපි මේ ගැන ටිකක් කියවලා බලමු.

අවිවේකී පාද ප‍්‍රදාහය කියන්නේ මොකක්ද?
වෛද්‍ය මතය අනුව නම් අවිවේකී පාද ප‍්‍රදාහය කියන්නේ යම් පුද්ගලයෙක් විවේකයෙන් ඉන්නට උත්සාහ කරන වෙලාවට අනවශ්‍ය වේදනාවක් හා මානසික අසහනයක් ගෙන දෙන ස්නායු රෝග තත්වයක්. තවමත් මේ රෝගය ඇති වෙන්න හේතුව හරියටම හොයා ගන්න පුළුවන් වෙලා නැහැ. කොහොම වුණත් මේ රෝගය ඇති වීමත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන තවත් රෝග කිහිපයක් වෛද්‍ය විද්‍යාව විසින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතරින් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම, දියවැඩියාව පමණට වඩා මද්‍යසාර ගැනීම. ඇතැම් බෙහෙත් වර්ග භාවිතය සහ ගර්භණි බව ප‍්‍රධාන හේතු වෙන්න පුළුවන් කියලා සැලකෙනවා.

රාත‍්‍රී පා මස්පිඩු පෙරලීම කියන්නේ මොකක්ද?
මේකේ නම් නම කියෙව්වම හොඳ අදහසක් එන්න ඇති. මේක ඉංග‍්‍රීසි රටවල් වල චාලි හෝසස්(Charlie Horses) කියලත් හඳුන්වනවා. නමින් කියවෙනවා වගේම මේකෙදි වෙන්නේ රාත‍්‍රියට නිදා ගන්න ගියාම කකුල් වල මස්පිඬු පෙරළෙන එකයි. කොහොම වුණත් අවිවේකී පාද ප‍්‍රදාහයේදී වගේ කකුල් හෙලෙව්වාට වේදනාව අඩු වෙන්නේ නැහැ. කකුල් එහා මෙහා කරද්දී ගොඩක් රිදෙන්න ගන්නවා. මේකට ප‍්‍රධාන හේතු වෙන්නේ පමණ ඉක්මවා වෙහෙසී ව්‍යායාම් කිරීම ඛණිජ හා විටමින් වර්ග වල ඌණතාවය සහ විජලනය වගේ කරුණු තමයි.

සටහන - කරන්න පුළුවන් ප‍්‍රතිකාර කිහිපයක්ම තියෙනවා. අදාළ ප‍්‍රදේශ හොඳින් සම්බාහනය කිරීම. උණු වතුරෙන් නෑම හෝ උණු වතුර පිරවූ තටාකයක බැස සිටීම. වතුර වැඩිපුර බීම සහ වෙලාවට සමබල ආහාර වේලක් ගැනීම මෙයින් ප‍්‍රධානයි. කොහොම වුණත් ඒ දේවල් එක පාරටම ඇති වන වේදනාවට කරන්න ටිකක් අපහසුයි. ඉතින් අපි දැන් කියන්න යන්නේ මේ රෝග දෙකටම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ප‍්‍රතිකාරයක්.

ඔව්. ඔබේ ඇඳ රෙද්ද යටින් සබන් කැටයක් තියලා තිබ්බම මේ රෝග දෙකම පහසුවෙන් යටපත් කරගන්න පුළුවන්  කිව්වම එක පාරටම විශ්වාස නැති වෙන්න පුළුවන්. ඒත් මේක කරලා බලපු පිරිසෙන් 42%කටම ඉක්මන් සහනයක් ලැබිලා තියෙනවා. ඇත්තටම අපි වුණත් මේක සිදු වෙන්න හරිම හේතුව නම් දන්නේ නැහැ. සමහරු අදහස් දක්වලා තියෙනවා සබන් වල අඩංගු මැග්නීසියම් ලවණ මේකට හේතු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒකට හේතුව මැග්නීසියම් ඌණතාවය සහ අපි මේ කතා කරන රෝග දෙක අතර පැහැදිළි සම්බන්ධයක් පෙන්න තියන එක’ සබන් කැටයෙන් නිදහස් වන ලවණ සම තුලින් අපේ ඇගට උරා ගෙන කැක්කුම අඩු වෙන බව තමයි එයාලගේ අදහස.

ඉතින් මේක නිකමට කරලා බලන්න කියලා තමයි අපිත් ඔබට කියන්නේ. රෑ නිදා ගන්න ගියාම මේ විදිහේ අපහසුවක් දැනුණොත් සම්බාහනය කරන්න හරි, වතුර උණු කරන්න හරි මහන්සි වෙනවා වෙනුවට සබන් කැටයක් බෙඞ් ශීට් එක යටට දාල බලන එක හරි පහසු වැඩක් නේද? අනික ඒ දෙයින් ලෙඬේ හොඳ වෙනවා නම් හරිනේ. ඒ සබන් කෑල්ල ඊට පස්සේ පාවිච්චියට ගන්න වුණත් පුළුවන්. ඉතින් කිසිම විශේෂ මහන්සියක්වත් වියදමක්වත් නැහැ.

ඒ වගේම තමයි පුළුවන් නම් ලැවෙන්ඩර් වගේ හොඳ සුවඳක් ඇති සබන් කැටයක් මේ සඳහා පාවිච්චි කරොත් වඩා හොඳින් නිදා ගන්නත් අවස්ථාව ලැබේවි. ගුණයක් ලැබෙන්නෙම නැත්නම් ඉතින් එක්කෝ ඉවසගෙන නිදා ගන්න හරි වතුර උණු කරලා මසාජ් කරන්න හරි සිද්ධ වේවි. නමුත් ගොඩක් වෙලාවට සබන් කැටය තිබ්බාම සුවයක් ගන්න පුළුවන්. සැකයි නම් කරලා බලන්නකෝ.

හරිම සරල ක‍්‍රමයකින් ලෙඩකින් සහනයක් ගන්න විදිහ ගැනයි අපි මේ කතා කළේ. තවත් මේ වගේ ලෙඩ රෝග අපහසුතා සුව කර ගන්න ක‍්‍රම, ලස්සන වෙන ක‍්‍රම වගේ දේවල් බොහොමයක් මේ සයිට් එක පුරා අඩංගුයි. ඒවත් කියවලා බලලා ඔබේ දැනුම වැඩි කර ගන්න. අපි නිතරම මේ වගේ කරුණු ගැන ලිපි ගෙන එන නිසා මේ සයිට්එකට නිතර ආවොත් ඔබට කාලයක් යද්දී හොඳ දැනුමක් එකතු කර ගන්න පුළුවන් වේවි.

Comments

Popular posts from this blog

සමහර පිරිමින්ට කලක් යන විට තම බිරිද එපා වන්නේ ඇයි?

ඇඳුම රෝගයෙන් තොරව ජිවත් වෙමුද?

කොලොස්ටරෝල් ඉවත් කරන බලගතුම ස්වාභාවික ඔසු 6ක් – ඔබේ නිවසේ කුස්සියෙන්ම සොයාගත හැකියි